රට යවන්න වවන තරුණයන්ට ලක්ෂ 10 ක්

158

කෘෂිකර්මාන්තය සඳහා තරුණයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තරුණයින් දහසක් තෝරා ගෙන ඔවුනට රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදී අපනයනය ඉලක්ක කරගත් වගාවන් සඳහා යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට මෙවර අයවැය මගින් 2024 වසර සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 3000 ක මුදලින් රුපියල් මිලියන 1000 ක් මේ සඳහා යොදා ගැනීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව වී, බඩඉරිඟු මිරිස් සහ අර්තාපල් යන භෝග හතර සඳහා ප්‍රමුඛත්වය ලබා දෙයි. එම භෝගවලට අමතරව දැනට අන්තර්ජාතිකව ඉල්ලුමක් ඇති භෝග වගාවන් සඳහා ඔවුන් උනන්දු කරවීමටත් පියවර ගන්නා ලෙස ඇමැතිවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment