රට හිටිය කාලයේත් 17ක් මරලා – සංජීවගේ ටී 56 අංගොඩ බෝක්කුවක් යටින් සොයා ගනී

287

පාතාල කල්ලි නායක ගනේමුල්ලේ සංජීව නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතන සඳහා යොදාගත් ටී 56 ගිනිඅවිය අංගොඩ ප්‍රදේශයේ සඟවා තිබිය දී පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (16දා) රාත්‍රී සොයාගෙන ඇත.

අංගොඩ ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ මෙම ටී 56 අවිය සොයා ගත් අතර වැඩිදුර විමර්ශනය සඳහා එම අවිය පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන තිබේ. මෙම අවිය යුද හමුදාවෙන් සොරාගත් එකක් බවට සැක කරන අතර ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගනේමුල්ලේ සංජීව විදේශගතව සැඟවී සිටි අතර එම කාල සීමාවේදී ඔහුගේ නියෝග මත පාතාල සාමාජිකයන් විසින් මිනිස් ඝාතන දාහතක් (17ක්) සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. මෙම ඝාතන සඳහා ටී 56 අවිය යොදා ගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ගෙන යයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment