රාජ්‍ය වෙසක් උළෙල හෙට සිට කැබැල්ලෑවල රතනසිරි පිරිවෙන් විහාරයේදී

156

රාජ්‍ය වෙසක් සතිය හෙට (02 දා) සිට 08 වැනිදා දක්වා පැවැත්වේ.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ‘දිවයින’ ට පැවසීය.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කරයි.

වෙසක් සතිය තුළ වෙසක් තොරණ, වෙසක් දන්සල්, පහන් කූඩු, වෙසක් කලාප රැසක් සංවිධානය කිරීමට බෞද්ධ සැදැහැවත්හු සූදානම්ව සිටිති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment