LOLC ෆිනෑන්ස් වෙතින් පෙරළිකාර ණය විසඳුම්

92

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සැපයුම්කරු වන LOLC ෆිනෑන්ස් පීඑල්සී ජනතාවගේ අපේක්ෂාවන් සහ ඒවා සාක්ෂාත් කරගැනීම අතර පරතරය පියවීමේ අරමුණින් පුළුල් පරාසයක ණය වැඩසටහනක් ප්‍රකාශයට පත්කරයි.

ජාතිය මුහුණ දෙන අභියෝග හමුවේ, ආර්ථිකය සවිබල ගන්වන්නකු ලෙස සිය කාර්යභාරය ශක්තිමත් කරමින් LOLC ෆිනෑන්ස් සිය නව වැඩසටහන ක්‍රියාවට නංවා ඇත. සමාගමේ සුවිශේෂී ප්‍රවේශය තුළින් බිම් මට්ටමේ නවෝත්පාදනවල සිට ස්ථාවර ව්‍යවසායන් දක්වා විවිධ මට්ටම්වල ගනුදෙනුකරුවන් වෙත ඔවුන්ටම සරිලන පරිද්දෙන් සූක්ෂම ලෙස සැකසූ මූල්‍ය විසඳුම් ඉදිරිපත් කරනු ලබයි.

සිය පරිපූර්ණ ණය කළඹ යටතේ, LOLC ෆිනෑන්ස් මෝටර් රථ වාහන මූල්‍ය, ස්පීඩ් ඩ්‍රාෆ්ට්, නිවාස ණය, උකස් ණය, පුද්ගලික ණය, ආයතනික ණය, කාරක ප්‍රාග්ධන විසඳුම්, රන් ණය, අධ්‍යාපන ණය සහ ‘ෆ්ලෙක්සි’ පොලී ණය ඇතුළු මුල්‍ය විසඳුම් මාලාවක් පිරිනමයි.

මෙම විවිධාංගීකෘත ණය කළඹ මගින් සමස්ත ආර්ථික පරිසරය තුල පුද්ගලික ගනුදෙනුකරුවන් සහ ව්‍යවසායයන්ගේ විශේෂිත අවශ්‍යතාවන් සපුරාලීමට කටයුතු කරයි. ශාඛා 230 කින් සහ සංස්කෘතිමය වශයෙන් විවිධ වූ ශ්‍රම බලකායක් සහිත LOLC ෆිනෑන්ස් පුළුල් පරාසයක පාරිභෝගික සංචිතයක් සඳහා පුද්ගලික මට්ටමේ සේවාවන් සැපයීමට වෙන කවරදාකටත් වඩා ශක්තිමත්ව සිටී.

අනෙක් බැංකු නොවන මූල්‍ය ආයතන වල සීමාවෙන් ඔබ්බට ගොස්, LOLC ෆිනෑන්ස් සිය ගනුදෙනුකරුවන්ගේ දොරකඩටම සේවා සැපයීම මෙන්ම අලෙවියෙන් පසු සේවාවන් සැලසීමද සිදු කරයි. මනා පුහුණුවක් ලැබූ LOLC ෆිනෑන්ස් සේවා සංචිතය ආයතනයේ විශේෂිත වූ සේවා සැපයුමට මහඟු‍ දායකත්වයක් දක්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment