රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප ලබන 10ට පෙර ගෙවනවා

162

රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියයි

අප්‍රේල් මස 10 වැනිදාට පෙර රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එසේම මෙම වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කරන බව රාජ්‍ය ඇමැතිවරයා කීවේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ ද පැවසීය.

අප්‍රේල් මාසය වෙනකොට අපේ මුදල් ප්‍රවාහවලට ලොකු බරක් එනවා. සාමාන්‍යයෙන් මාසේ 25 රාජ්‍ය සේවකයාට ගෙවන වැටුප ගෙවන්නේ. නමුත් අප්‍රේල් මාසයේ වැටුප 10 වැනිදාට පෙර ගෙවිය යුතුයි. එය මුදල් ප්‍රවාහයට ලොකු බරක්. විශ්‍රාම වැටුප සහ සමෘද්ධියත් 10 වැනිදාට පෙර දිය යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නා එය ගෙවිය යුතු බව. එනිසා මූල්‍ය උපක්‍රම භාවිත කරලා එම ගෙවීම් කරනවා.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment