රයිනෝ සමාගමෙන් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක්

228

දකුණු ආසියානු කලාපයට සෙවිලි තහඩු කන්ටේනර් 1,000 ක් අපනයනය කරයි

වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා වන රයිනෝ රූෆිං ප‍්‍රඩක්ට්ස් සමාගම, 2021 දෙසැම්බර් 14 දින වන විට සෙවිලි තහඩු කන්ටේනර් 1,000 ක් දකුණු ආසියානු රටවල් වෙත අපනයනය කරමින් මූලික සන්ධිස්ථානයක් පසුකිරීමට සමත් වී තිබේ.

මෙය සැමරීමට සංවිධානය කරන ලද විශේෂ උත්සවයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ රයිනෝ රූෆිං ප‍්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා ප‍්‍රමුඛව, සම්භාවනීය අමුත්තන් සහ සමාගමේ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.

ශ‍්‍රී ලංකා අපනයන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 24 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2020/21 කාලසීමාව සඳහා අගය එකතු කළ ඛනිජ අංශයේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමටද රයිනෝ රූෆිං ප‍්‍රඩක්ට්ස් සමාගම සමත් විය. මෙය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට රයිනෝ සමාගම දක්වන සුවිශාල දායකත්වය නැවත වරක් තහවුරු කිරීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment