රුපියල ඊයේ ශක්තිමත් වෙයි

112

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (16 දා) දිනයේදී සැලකිය යුතු මට්ටමකට ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.319.66ක් දක්වා අඩුවිය.

මේ අනුව ඩොලරයේ විකුණුම් මිල ඊයේ දිනයේ රු. 9.26 කින් අඩුවී ඇත.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා වාර්තා වූයේ රු. 328.92 ක් ලෙසය.

එසේම මහ බැංකුව ඊයේ (16 දා) නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගයද රු. 300.51 ක් දක්වා අඩුවී තිබේ. ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය පෙරේදා (15දා) වාර්තා වූයේ රු. 311.60 ක් ලෙසය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment