රෝහලේ ඉඩනැතිව ගෙදර ගිය තිදරු පියා කොරෝනාවට බිලි

220

කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉඩකඩ නොමැතිවීම නිසා නිවස වෙත පිටත්කර  යවා තිබූ කොවිඞ් ආසාදිත තිදරු පියකු නිවසේ සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වී නැවත රෝහල්ගත කිරීමෙන් පසු කොවිඞ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.

මියගොස් ඇත්තේ ගාල්ල දංගෙදර ප‍්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. කොවිඞ් පළමු මාත‍්‍රාව ද මෙකී තිදරු පියා විසින් ලබාගෙන තිබුණි. මොහු කාලයක සිට දියවැඩියාව, අධික රුධිරපීඩනය හා කොලෙස්ටරෝල් වැනි රෝග ස`දහා ප‍්‍රථිකාර ගනමින් සිටි අයෙකි. මොහුට හෘද රෝගී තත්ත්වයක්ද තිබී ඇත. කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුව නිසා ඉකුත් 12 වැනිදින මොහු රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණය සිදුකරගෙන ඇති අතර එහිදී කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඞ් වාට්ටු රෝගීන්ගෙන් පිරීගොස් ඇති නිසා මොහු නිවස වෙත පිටත්කර යවා ඇත. නිවසේ සිටියදී කැස්ස වැඩිවී හුස්ම ගැනීමට අපහසුවීමෙන් මෙකී තිදරු පියා 20 වැනි දින රෝහලට ඇතුළත් කොට ඇත.

රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී 22 වැනිදින මියගොස් ඇත. මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතා විසින් සිදුකරණු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment