තවත් ඔක්සිජන් ගේන්න ශක්ති අද යළි චෙන්නායි යයි

732

ශී‍්‍ර ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව තවත් සායනික ඔක්සිජන් තොගයක් රැුගෙන ඒම සඳහා අද (24 දා) යළි චෙන්නායි වරාය බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම නෞකාව මගින් සායනික ඔක්සිජන් ටොන් 40 ක් ඊයේ (23 දා) අලූයම කොළඹ වරායට රැුගෙන එනු ලැබීය.

පවත්නා කොවිඞ් වසංගතය හමුවේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය සායනික ඔක්සිජන් ධාරිතාව නිසිලෙස පවත්වා ගැනීමේ අරමුණින් රජය ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැුගෙන ඒම නාවික හමුදාව මගින් සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පැවැසීය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඉන්දීය නාවික හමුදාපතිවරයාගෙන් සෘජුවම සිදුකළ ඉල්ලීමකට ප‍්‍රතිචාර ලෙස සායනික ඔක්සිජන් ටොන් 100 ක් රැුගෙන ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකව පෙරේදා (22 දා* කොළඹ වරායට පැමිණි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment