රෝහිත් ෂර්මා හා රාහුල් ද්‍රාවිඩ් ගැන ගවස්කාර්ගේ කණස්සල්ල

900

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ගැන තමා කණස්සල්ලට පත්ව ඇති බවත් එසේම ඉන්දීය පුහුණුකරුවන්ට සහ නායකයාට වගවීමක් නැති බවත් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් පවසා තිබේ.

පසුගියදා ඉන්දියානු එක්ස්ප්‍රස් පුවත්පත මගින් සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් ගවස්කාර් පැවසුවේ, “මම රෝහිත්ගෙන් බොහෝ දේ බලාපොරොත්තු වුණා. ඉන්දියාවට වඩා විදේශයන්හි හොඳින් ක්‍රීඩා කරන එක තමයි දක්ෂකම. එහිදී බලාපොරොත්තු සුන්වෙලා තියනවා. මෙහෙ අයිපිඑල් අත්දැකීම හොඳට තිබිලත් 20 – 20 ලෝක කුසලානේ අවසන් තරගයට එන්න බැරිවුණා. එසේම ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය පරාජයට පත් වුණා. දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට් තරඟාවලියකදී දුර්වල ලෙස ක්‍රීඩා කළේ ”

විරාත් කෝලිගේ නායකත්ව සමය අරබුදකාරි ලෙස නිමාවී රෝහිත් ෂර්මා ඉන්දීය නායකත්වය භාර ගන්නා විට, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වූවන් අතර හිටපු නායක සුනිල් ගවස්කාර් ද විය. මීට කලකට පෙර ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රවිචන්ද්‍රන් අශ්වින් පවසා තිබුණේි“ඉස්සර කණ්ඩායම මිතුරන් ලෙස සිටියා, දැන් අපි සගයන් පමණයි” යනුවෙනි. ගවස්කාර් විශ්වාස කරන්නේ එය කණ්ඩායම් පරිසරය පිළිබඳ වඩාත්ම පවසන ප්‍රකාශය බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment