වවුනිකුලම වැවේ නෑමට ගිය අයිය මලෝ දියේ ගිලී මරුට

110

මුලතිව් වවුනිකුලම් වැවේ ගිලෙමින් සිටි මල්ලී බේරා ගැනීමට වැවට පැන්න අයියාද දියේ ගිලීම නිසා පෙරේදා (26 දා) මියගොස් තිබේ.

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ සිටි මෙම සහෝදරයන් දෙදෙනා මල්ලාවි ඥාති නිවසකට පැමිණ සිටි අවස්ථාවේදී වවුනිකුලම් වැවේ දිය නෑමට ගොස් තිබේ.

එහිදී මල්ලී වැවේ දිය පහරකට හසුවී ගසාගෙන යෑමත් සමගම අයියා ඔහුව බේරා ගැනීමට වැවට පැන ඇති අතර ඔහුද වැවේ ගිලී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය නල්ලූර් යමුනා පාර ප්‍රදේශයේ පදිංචි රවිචන්ද්‍රන් සුරේෂ් (16) සහ රවි චන්ද්‍රන් සුමන් (27) නමැති සහෝදරයන් දෙදෙනාය. වවුනිකුලම වැවේ මසුන් මරමින් සිටි ධීවරයන් පැමිණ මහත් වෙහෙසක් දරා සහෝදරයන් දෙදෙනාගේ සිරුරු ගොඩට ගෙන රෝහලට භාරදී තිබේ. මල්ලාවි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment