වසර දෙකකට පසු ගාල්ලෙන් ජලභීතිකා මරණයක්

140

බල්ලෙක් කෑවොත් රෝහල්ගත වෙන්න – වසංගත රෝග වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි ජනතාවගෙන් ඉල්ලයි

ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි.

මියගොස් ඇත්තේ තවලම, ඕපාත ප්‍රදේශයේ පදිංචි 42 වියේ පසුවන විවාහකයෙකි. ගාල්ල දිස්ත්‍රික්කයේ ජලභීතිකා රෝගය වැළඳීමෙන් පුද්ගලයකු මියගොස් ඇත්තේ වසර දෙකකට පසුව බවද ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා පෙන්වා දෙයි. මොහු මාර්ගයේ සිටි කුඩා බලු‍ පැටව් තිදෙනෙකු නිවසට රැගෙනවිත් ඇති අතර ඉන් එක් බලු‍ පැටියෙකු මොහුගේ අතේ ඇඟිල්ලක් සපා කා ඇත. දින තුනකට පමණ පසු බලු‍ පැටියා මියගොස් ඇත. මොහු ජලභීතිකා එන්නත ලබා ගෙන නොමැති අතර රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත. සුනඛයාගේ හිස වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකිරීමෙන් පසු මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ ජලභීතිකා වෛරසය වැළඳීමෙන් බවට තහවුරුවී ඇති බවද වසංගත රෝග වෛද්‍යවරයා පවසයි.

සුනඛයකු සපාකෑමට ලක්වුවහොත් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා ජලභීතිකා වෛරසය ශරීරගතවීම සඳහා ටික දිනක් ගතවන බවද හෙතෙම පවසයි.
ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment