ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගැසූ අයකු ගාල්ලෙන් අල්ලයි

99

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන  කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවකු එම උපකරණ සමඟ ගාල්ල ඉමදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හතළිස් හතක් වන ඉමදූව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම සැකකරු ළඟ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගන්නා ලැප්පටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, නෝට්ටු මුද්‍රණය කිරීමට භාවිත කරන කඩදාසි තොගයක් ,පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment