වාහන තුනක් ගැටී ශිෂ්‍යාවක් මියයයි

528


කිළිනොච්චියේ මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට වාහන තුනක් එකිනෙක ගැටුණු අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් මියගොස් තවත් සිසුවකු තුවාල ලබා ඇත.
ලංගම බස් රථයක් යාපනය දෙසට ධාවනය කරමින් තිබියදී පාසලට යමින් සිටි සිසුන් කිළිනොච්චිය පාසල ඉදිරිපිටදී බස් රථයේ ගැටීම නිසා මේ අනතුර සිදුව තිබේ.
බස් රථයේ සිසුවියන් ගැටීම නිසා එක්වරම ලංගම බස් රථයේ රියදුරු තිරිංග තද කර ඇත.එවිට ඊට පිටුපසින් පැමිණි වෑන් දෙකක් හා යතුරු පැදියක්ද බස් රථයේ ගැටී අනතුරට පත්ව ඇත.
ලංගම බස් රථයේ ගැටීම නිසා මියගොස් ඇත්තේ තිරුවාසකම් මධුසාලිනී නැමති 17 හැවිරිදි ශිෂ්‍යාවයි. තුවාල ලැබූ සිසුවකු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.මෙම අනතුර ඊයේ සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment