වැලිගම ගසක් මුලින් පිස්තෝල පහක් සහ උණ්ඩ තොගයක් සොයාගැනේ

291

වැලිගම වලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට යාබද ඉඩමේ ගසක් මුල පොලිතින් බෑගයක සඟවා තිබූ පිස්තෝල පහක්, එම පතරොම් ගැබ පහක් සහ ජීව උණ්ඩ පහක් සොයාගත් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගාල්ල ඒකකය පවසයි.

 මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරින්ට ලැබුන තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ගිනි අවි සහ උණ්ඩ එම නිලධාරින්ගේ භාරයට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම ගිනි අවි සහ උණ්ඩ පාතාලයට අලෙවි කිරීමට සඟවා තැබුවේද එසේත් නැතිනම් වෙනත් කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා සඟවා තැබුවේද යන්න පිළිබඳව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වයි.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment