වැස්සෙන් පස්සේ අශ්ව වෙස් ගත් පකිස්තානයෙන් ප්‍රබල ඉලක්කයක්

398

ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ඊයේ (14 වැනිදා) පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 7 ක් දැවී ලකුණු 252ක් රැස් කළේය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා මෙන්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහා ද ශ්‍රී ලංකාවට පන්දු වාර 42 කදී ලකුණු 253 ක ඉලක්කයක් හිමි විය.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම පැය 2 යි විනාඩි 15 කින් පමණ ප්‍රමාද වූ අතර ඒ හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 45 කට සීමා වූයේය.

අනතුරුව ප.ව.7.32 ට පමණ නැවත වර්ෂාව පතිත වීමෙන් තරගය මඳ වේලාවකට නතර වූ අතර ඒ හේතුවෙන් තවත් පන්දු වාර 3 ක් අඩු කර පන්දු වාර 42 ක තරගයක් ලෙස ක්‍රියාත්මක විණි.

වර්ෂාව නිසා තරගය නතර කරන විට පකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 130 ක් රැස් කර ගෙන සිටි අතර පන්දු වාර 27.4 ක් ක්‍රියාත්මක කර තිබුණු අතර ඉන් පසුව ක්‍රියාත්මක කළ පන්දු වාර 14 යි පන්දු දෙක තුළදී පකිස්තානය වේගවත් ලකුණු 122 ක් රැස් කළේය. ඒ අතරතුර 6 වෙනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ රිස්වාන් සහ ඉෆ්තිකාර් අතර ලකුණු 108 ක සම්බන්ධතාවයට වැය වී තිබුණේ පන්දු 65 ක් පමණි. ඉෆ්තිකාර් පන්දු 40 කට ලකුණු 47 ක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා දිමුත් කරුණාරත්න සහ කසුන් රාජිත වෙනුවට කුසල් පෙරේරා සහ ප්‍රමෝද් මධුෂාන් කැඳවා තිබුණි.

පාකිස්තානය තරගයට පිවිසියේ වෙනස්කම් 5 ක් සමගිනි. එහිදී ඉමාම් උල්හක්, අගා සල්මාන්, ෆාහීම් අෂ්රෆ්, නසීම් ෂා සහ හාරිස් රවුෆ් වෙනුවට අබ්දුල්ලා ශෆීක්, මොහොමඩ් හාරිස්, මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම් සහ සමාන් ඛාන් කණ්ඩායමට එක් කර ගෙන තිබුණි.

පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් අර්ධ ශතකයක් ලබා ගනිමින් දස්කම් දැක් වූ අතර නායක බාබර් අසාම් දුනිත් වෙල්ලාලගේ ගේ පන්දුවක් හමුවේ ලකුණු 29කට දැවී ගියේය.

අබ්දුල්ලා ශෆීක් සිය අර්ධ ශතකය 65 වැනි පන්දුවේදී ලබාගත්තද තවත් පන්දු 4 කට පමණක් මුහුණ දී සිටියදී මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය.

ශෆික් සමග ඉනිම ඇරඹූ ෆකර් සමාන් ප්‍රමෝද් මධුෂාන් ගේ අනගි යෝකර් පන්දුවක් කඩුල්ල තුළට ඇදී ඒම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවතට යෑමට සිදුවිය.

මොහොමඩ් හැරිස් සහ මොහොමඩ් නවාස් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ දෙදෙනා සමත් වූහ.

පකිස්තාන ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මොහොමඩ් රිස්වාන් පන්දු 48 කදී අර්ධ ශතකයක් ලබා ගත්තේය.

හයේ පහර දෙකක් සහ හතරේ පහර 3 ක් ඔහුගේ අර්ධ ශතකයට ඇතුළත් වූ අතර ඔහු ලබා දුන් ස්ටම්ෆ් කිරීමේ අවස්ථාව කුසල් අතින් මග හැරෙනවිට රිස්වාන් ලබා ගෙන තිබුණේ ලකුණු 11 ක් පමණි.

ඔහු සහ ඉෆ්තිකාර් අහමඩ් අතර ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැඟීමට වැය වී තිබුණේ පන්දු 42 ක් පමණි.

රිස්වාන් නොදැවී ලකුණු 86 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී දුර්වල පන්දු රැකීම් කිහිපයක් වාර්තා කළ අතර කඩුලු රකින කුසල් මෙන්ඩිස් අතින් උඩ පන්දුවක් සහ ස්ටම්ෆ් කිරීමේ අවස්ථාවක් ද ගිලිහී ගියේය.

ලකුණු සාරාංශය

පකිස්තානය 252/7 (42)

අබ්දුල්ලා ශෆික් 52, ෆකර් සමාන් 04, බාබර් අසාම් 29, මොහොමඩ් හැරිස් 03, මොහොමඩ් රිස්වාන් නොදැවී 86, ඉෆ්තිකාර් අහමඩ් 47, ශදාබ් ඛාන් 03, මොහොමඩ් නවාස් 09, ශහීන් ශා අෆ්රිඩි නොදැවී

පන්දු යැවීම

ප්‍රමෝද් මධුශාන් 7, මහීෂ් තීක්ෂණ 9-42-1, දසුන් ශානක 3-18-0, මතීෂ පතිරණ 8-65-3 දුනිත් වෙල්ලාලගේ 9-40-1, ධනංජය ද සිල්වා 06-28-0,

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment