විදේශිකයන් නහය වසාගෙන යනවා: තැන තැන කැළි කසළ… උණවටුන සංචාරක කලාපය ගඳගසයි

229

උණවටුන සංචාරක කලාපයට අයත් ගාල්ල – මාතර ප‍්‍රධාන මාර්ගයට ඇතැම් පුද්ගලයන් විසින් කැළිකසල ගෙනවිත් දැමීම නිසා පාරිසරික වශයෙන් ගැටළු රැුසක් මතුවී ඇතිබැව් ප‍්‍රදේශවාසීහු පවසති. මෙම තත්වය නිසා මාර්ගයේ තැනින් තැන කැළිකසල ගොඩගැසී තිබෙන අතර මේ තුළින් දැඩි දුර්ගන්ධයක් ද වහනය වේ. ඇතැම් හෝටල් හිමියන් විසින් ද මාර්ගයේ ඇතැම් ස්ථානවලට කැළිකසල බෑග් ගෙනවිත් බැහැර කරන බවද ප‍්‍රදේශවාසීහු පවසති. මෝටර් රථවලින් පැමිණෙන පුද්ගලයන්ද කැළිකසල බැග් මාර්ගය අසලට දමා යන බවද ප‍්‍රදේශවාසීහු පවසති.

මෙම තත්වය නිසා දෙස් විදෙස් සංචාරකයන්ද දැඩි දුෂ්කරතාවන්ට හා අපහසුතාවන්ට මුහුණදෙති. මේ සම්බන්ධයෙන් උණවටුන සංචාරක කලාපයේ සුළු හා මධ්‍ය පරිමාණ හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති රුපසේන කොස්වත්ත මහතා මෙසේ කිවේය.

උණවටුන සංචාරක කාලාපයේ කැළිකසල ප‍්‍රශ්නයක් තියෙනවා. මේ සදහා හේතුවෙලා තියෙන්නේ කැළිකසල නිසි පරිදි බැහැර නොකිරිම හා ඒවා රැුගෙන නොයෑමයි. ප‍්‍රාදේශීය සභාවටත් කැළිකසල නිසිපරිදි රැුගෙන ගොස් බැහැර කිරීම සඳහා ඉඩමක් නැහැ. ඇතැම් අවස්ථාවලදී දින තුන හතරක කාලයක් මාර්ගය දෙපස කැලිකසල ගොඩගැසිලා තියෙනවා. සංචාරකයන් පොඩි දරුවන් සමග යනවිට නාසය අල්ලාගෙන තමයි ගමන් කරන්නේ.

හබරාදුව ප‍්‍රදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා මෙසේ කීවේය.

ප‍්‍රාදේශීය සභාව මගින් දිනපතා කැළිකසල එකතු කරනවා. ඇතැම් පුද්ගලයින් කැලිකසල අවිදිමත් අයුරින් බැහැර කරන තත්වයක් තියෙනවා. පොලිසියත් සමග සාකච්ඡුා කරලා අවිධිමත් අයුරින් කැළිකසල බැහැර කරන අයට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment