විශ්වාසභංගයට නොබියව මුහුණ දෙනවා කථානායක කියයි

207

තනතුර රැකගන්න තමාට කිසිසේත් අවශ්‍ය නැති වුවද තමාට එරෙහිව එල්ල වෙන විශ්වාසභංග යෝජනාවට නොබියව මුහුණදෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

කෙසේ වෙතත් මෙම තනතුර පිළිබඳව තමාට ඇත්තේ මහත් කලකිරීමක් යැයි කී කථානායකවරයා මෙම විශ්වාසභංග යෝජනාවට අවංකව මුහුණදෙන බවද කීවේය. පාර්ලිමේන්තු අසුන පිළිබඳව කලකිරුණත් කෙදිනකවත් රට හැරදමා යන්නේ නැතැයිද කීවේය.

හෙතෙම මෙම අදහස් පළ කලේ ඔහුට එරෙහිව සමගි ජනබලවේගය විසින් මේ දිනවල අත්සන් ලබාගනිමින් පවතින විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළකරමිනි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment