වෙළෙඳ පොළේ සුදු සීනි හිඟයක්

219

රුපියල් 122ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි අයුරින් අඩු මිලට සීනි තොග නොලැබීම නිසා මේ වන විට වෙළෙඳ පොළේ සීනි හිඟයක් නිර්මාණය වී ඇතැයි වෙළෙඳසල් හිමියෝ පවසති.

සුදු සීනි කිලෝ 1ක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත් පැකට් කළ සුදු සීනි කිලෝ 1ක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සැප්තැම්බර් මස 02වැනිදා ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබිණි. ආනයනකරු විසින් සුදු සීනි කිලෝ 01ක් විකිණිය යුතු තොග මිල රුපියල් 116ක් ලෙස එම ගැසට් පත‍්‍රයේ සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ ප‍්‍රදේශ රැුසක සුදු සීනි හිඟයක් පවතින බවත් ඇතැම් ප‍්‍රදේශවල පාලන මිල ඉක්මවා සුදු සීනි අලෙවි කරන බවටත් පාරිභෝගිකයෝ චෝදනා කරති.

සීනි ආනයනකරුවන් විසින් සීනි වෙළෙඳපොළට නිකුත් කරන්නේ කිලෝ එකක් රුපියල් 140ක් වැනි මිලකට යැයි තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ එකමුතු වෙළෙඳ සංගමයේ ප‍්‍රකාශකයකු පැවසීය.

මේ වනවිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන බවත් ඔවුන් සීනි මිල පාලනය කිරීම වෙනුවට බොරුවට ගම්වලට ගොස් අහිංසක වෙළෙඳුන්ට රුපියල් ලක්ෂයක දඩ ගහන සංදර්ශනයක නිරතවී සිටින බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment