ශ්‍රී ලංකාවට පැරීසියේදී මැරතන් ජයක්: යාපනයේ කාන්තාවක් පළමු තැනට

165

පරිසර දූෂණය හා ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන හානි පිළිබඳ ජනතාව දැණුවත් කිරීමට පැරිස් නගරයේදී සංවිධානය කොට තිබූ කිලෝ මීටර් දහයක් දුර මැරතන් ධාවන තරගයෙන් යාපනයේ සිට පැරීසියට ගොස් සිටින දෙමළ කාන්තාවක් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ.

ප්‍රවීනා නිමලී නැමැති 42 හැවිරිදි ඇය දරුවන් තුන් දෙනෙකුගේ මවකි. පැරිස් නගර මධ්‍යයෙන් ආරම්භ වූ මෙම මැරතන් ධාවන තරගය පැරීසියේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයේදී අවසන් විය. මෙම මැරතන් ධාවන තරගයට පැරිසියේ පදිංචි 300 ක් කාන්තාවන් සහභාගී වූ අතර පළමු ස්ථානය දිනගත් යාපනයේ කාන්තාවට විශේෂ ත්‍යාගය හා රන් පදක්කම හිමිවුණි. මෙම මැරතන් ධාවන අතරගය අතරවාරයේ පැරිස් නගරයේ වැසියන් 20,000 කට පමණ පරිසර දූෂණය හා ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන හානි පිළිබඳ අවබෝධයක් හා අධ්‍යාපනයක් ලබා දීමට තරග සංවිධායකවරු කටයුතු කොට ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment