පශු වෛද්‍ය කාර්යාලයේ ආරක්ෂකයා කාන්තාවකට අතවර කරලා

354

ගම්මුන්ගෙන් ගුටි කෑ සැකකරු රෝහලේ

කළුතර පශු වෛද්‍ය කාර්යාලයේ ආරක්ෂකයා විසින් 03 දා රාත්‍රී සිය රාජකාරි කාලයේ කාර්යාල ගොඩනැඟිල්ල තුළදී කාන්තාවක බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. අතවරයට පත් කාන්තාවක 03 දා රාත්‍රී නිවසට යෑම සඳහා එම කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී ආරක්ෂකයාට අයත් ත්‍රිරෝද රථයෙන් නිවසට ඇරලවන මුවාවෙන් රවටා ත්‍රිරෝද රථයට නංවා බලහත්කාරයෙන් කාර්යාල ගොඩනැඟිල්ලට ඇදගෙන ගොස් ලිංගික අතවර කර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය කීය.

වින්දිත කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇත.

පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ප්‍රදේශවාසීන්ගේ පහරදීමකට ලක්ව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තාවේ.

මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment