පාසල් දරුවන්ට මත්පෙති විකිණූ සීදුවේ ඔසුසලට සීල් තබයි – මත්පෙති 1600ක් සමඟ 2ක් දැලේ

248

සීදුව, කටුනායක ඇතුළු ප්‍රදේශ කීපියක පාසල් දරුවන් සඳහා මත්පෙති අලෙවි කළ සීදුවේ පිහිටි ඖෂධසලක් වැටලූ කටුනායක පොලිසිය මත්පෙති 1600ක් ඊයේ (01 දා) අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් දරුවන්ට මත්පෙති අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම මත්පෙති බෙදාහැරිය ප්‍රධාන පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ.

පසුව කටුනායක පොලිසිය එම මත්පෙති බෙදාහැරිය ප්‍රධානියා ද අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මත්පෙති තොගපිටින් පාසල් දරුවන්ට අලෙවිකරන ඖෂධසල පිළිබඳව හෙළිවී ඇත. ඒ අනුව සහකාර පොලිස් අධිකාරි ගාමිණී රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිස් ස්ථානාධිපති අජිත් නිශ්ශංක මහතා ඇතුළු නිලධාරීන් විසින් එම ඖෂධසල ඊයේ වටලනු ලැබූ අතර එම ඖෂධසලට සීල් තැබීමට පොලිසිය සහ සෞඛ්‍ය වෛi නිලධාරීන් කටයුතු කර තිබේ.

හේමන්ත රන්දුණු, කටුනායක – ටී. කේ. ජි.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment