ශ්‍රී ලංකාව ගැන IMF අලුත්ම තීරණය

1458


ශ්‍රී ලංකාවේ ණය නිරාකරණය සම්බන්ධයෙන් පොදු රාමුවක් යටතේ කාලෝචිත සහ ක්‍රමවත් ක්‍රියාවලියක් අවශ්‍ය බව ජී -20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ප්‍රකාශ කර ඇත.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ජී -20 රටවල නියෝජිතයින් පොදු එකඟතාවකට පැමිණීමේ කඩිනම් අවශ්‍යතාවය පිළිබඳව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ඉන්දියාවේ බැංගලෝර්හි ඊයේ පැවති ජී -20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මෙහිදී ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී -20 රටවල් තීරණය කර තිබේ.

එසේම ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව ඇතුළු අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා සහන ලබාදිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමුකර විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතා හඳුනාගෙන ඇත.
ණය අර්බුදය විසඳීමට සහ ණය පීඩාවට පත් රටවලට පහසුකම් සැලසීමට නිල ද්වී පාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන්ගේ බහු පාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අවශ්‍ය බවට ජී – 20 හමුවේදී අවධානය යොමුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment