සංගීතය බලන්න ගිය අයට මාළු සුද්දාගේ මල්ලි පිහියෙන් ඇනලා

87

වැල්ලවාය නගරයේ ඉකුත් (07) වැනිදා පැවැති සංගීත සන්දර්ශනයක් නැරඹීම සඳහා ගිය මාලේවන පාර අංජලීගම වැල්ලවාය පදිංචි අයකුට පිහියකින් ඇන ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ විවාහකයකු වන 41 හැවිරිදි වේරදූවවිදාන කංකානම්ගේ චමින්ද ලාල් නැමති අයෙකි.

හෙතෙම ඔහුගේ යහළුවන් සමග ඉකුත් 07 වැනිදා වැල්ලවාය නගරයේ සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් සිටිය දී වැල්ලවාය බස් නැවතුම්පොළ අසල දී මාළු සුද්දාගේ මල්ලී වන ගිහාන් නැමති අයකු විසින් පපුවට පිහියෙන් ඇන බරපතළ තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත්කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment