රාජ්‍ය බැංකු ප්‍රතිසංස්කරණ යෝජනාවට කැබිනට් අනුමැතිය

80

රාජ්‍ය බැංකුවල යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

රාජ්‍ය හිමිකාරිත්වය සහිත බැංකුවල සමස්ත පාලනය, අවදානම් කළමනාකරණය සහ අධීක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි පවතින දුර්වලතා හේතුවෙන් පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය අතරතුර එම බැංකුවලට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත. එබැවින් එවැනි දුෂ්කරතා නැවත ඇතිවීම වැළැක්වීම අරමුණු කර ගෙන එම බැංකුවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතනවල සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මඟින් හඳුනාගනු ලැබ තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන ලද විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන තුළ අන්තර්ගත ව්‍යූහාත්මක අවශ්‍යතාවක් වශයෙන් මෙන්ම ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් යටතේ වන මූලික ක්‍රියාකාරකම් වශයෙන් ද එකී ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment