අඹේවෙලට ජනපති දුන් තෑග්ග

452


අඹේවෙල ගොවිපොළ සමීපයේ අත්හැර දමා ඇති අක්කර 30ක භූමිය අඹේවෙල ගොවිපොළට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඊයේ (27දා) එම ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

එසේම අදාළ භූමිය තෘණ භූමියක්‌ ලෙස සංවර්ධනය කර කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මෙම ගොවිපොළ විවෘත කර ඊට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment