සම්බන්ධන්ගෙන් මෝදිට දෙමළ ලිපියක්

97

උතුරු නැගෙනහිර පළාත් වල ජීවත්වන දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසදුමක් ලබා ගැනීමේ අරමුණින් සහ උතුරු නැගෙනහිර වෙසන මුස්ලිම් ජනතාවට සම අයිතිවාසිකම් ලබා ගැනීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා වෙත ලිපියක් යවන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා පැවසීය.
දැඩි අසනීප තත්ත්වය නිසා වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ක්‍රියාකාරී දේශපාලන කටයුතු වලින් ඉවත් වී විවේකීව සිටින සම්පන්ධන් මන්ත්‍රීවරයා තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා රජය සුළු ජාතීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු නොකරණ නිසා මේ අවස්ථාවේදී ඉන්දීය රජයේ මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් එම ලිපිය යවන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment