සාෆ් ක්‍රීඩා සමාජ තරගාවලිය 2024 සිට ඇරඹෙයි

79

දකුණු ආසියානු කලාපයට අයත් රටවල ක්‍රීඩා සමාජ ශූරයන් අතර අන්තර් සමාජීය සාෆ් පාපන්දු තරගාවලියක් 2024 වසරේ සිට හඳුන්වා දීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කොට ඇත.

ඒ අනුව එහි පළමු අදියර ලබන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය මේ වන විට පියවර ගෙන ඇත.

කලාපයට අයත් රටවල් හතේ ක්‍රීඩා සමාජ 8 ක් ඒ සඳහා සහභාගි කර ගැනීමට දකුණු ආසියානු පාපන්දු බලධාරීන් තීරණය කොට ඇති අතර ඒ අනුව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන් සිටින ඉන්දියාවට කණ්ඩායම් 2ක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවී ඇත.

සෙසු රටවල් වන මාලදිවයින, නේපාලය, භූතානය, බංගලිදේශය, පකිස්තානය සහ ශ්‍රී ලංකාවට කණ්ඩායම් එක බැගින් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දී ඇත.

අවසන් වරට පැවැති 2021 පාපන්දු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගත් කළුතර බ්ලූස්ටාර් කණ්ඩායම ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වනු ඇත.

අදාළ කලාපයේ රටවල පාපන්දු බලධාරීන්ගේ පොදු එකඟත්වයෙන් මෙම තරගාවලිය 2024 අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා ප්‍රකාශ කර සිටී.

කලාපයේ සෑම රටකම මෙම තරගාවලියේ තරග පැවැත්වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment