සියලුම පක්ෂවලට ජනපතිගෙන් යළි ආරාධනා

101

රටේ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම සහ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම රට හමුවේ ඇති ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා තමන් සමග එක්වන ලෙස සියලු පක්ෂවලට නැවත වරක් ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙම ආරාධනාව කරනු ලැබුවේ බදුල්ල ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුමට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ රටේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීමට නම් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවය. ඒ සඳහා ලෝකයේ රටවල සහාය ලැබී ඇති බව ද ඔහු කීවේය.

රටක් ඉදිරියට යෑමට නම් හොඳ ආර්ථිකයක් මෙන්ම එක්සත් ජනතාවක් සිටිය යුතු බව ද පැවසූ ජනාධිපතිවරයා සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් සියලු ජනතාව ශ්‍රී ලාංකිකයින් බව ද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment