සුරාබදු නිලධාරීන්ගේ පැටිකිරිය හොයන්න විශේෂ ඒකකයක්

463

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ රාජකාරි ක්‍රියාපටිපාටි විමර්ශන කිරීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත්කිරීමට තීරණය කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. තංගල්ල සුරාබදු නිලධාරීන් කීපදෙනකු සිදු කළ කප්පම් ගැනීම් සහ පැහැර ගෙන යෑමේ සිද්ධියෙන් පසු විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත් කිරීම වැදගත් බවට තීරණය කළේ යැයි ද හෙතෙම පැවසීය.

මෙම සිද්ධිය හැර සෙසු පළාත්වල නිලධාරීන් දෙතුන් දෙනකුගේ හෝ අඩුපාඩු තිබිය හැකි බවට සැකයක් පහළ වී ඇතැයි ද හෙතෙම කීවේය.

තත්ත්වය මෙසේ තිබිය දී සුරාබදු නිලධාරීන් හාරසියකගේ පමණ පුරප්පාඩුවක් පවතින බව ද එම පුරප්පාඩුව පිරවීමට හැකි වුවහොත් අද හෙටම මෙම විශේෂ විමර්ශන කණ්ඩායම පත් කළ හැකි යැයි ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment