හබරාදුවේ රුසියන් – යුක්‍රේන් – ගැටුමෙන් පසු ලක්‍ෂ 38 ක් කොල්ල කෑ රුසියානුවෝ 3 ක් දැලේ

435

හබරාදුව පොලිස් වසමේදී සංචාරක යුක්‍රේන් ජාතිකයන් පිරිසක් සහ රුසියන් ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ බව කියන ආරාවුලක් දුරදිග යෑමෙන් පසු යුක්‍රේන

ජාතිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 38 ක මුදලක් කොල්ලකෑ රුසියන් ජාතිකයන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලකෑමට සම්බන්ධ තවත් රුසියන් ජාතිකයෙක් අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. මෙම දෙපාර්ශ්වය කලක් එකම ව්‍යාපාරයක නිරතව සිට ඇති අතර පසුව ඔවුන් අතර මෙම ගැටුම සිදුවී ඇතැයි පොලිසිය පවසයි. දැනට සති කීපයකට පෙර මෙම මුදල් කොල්ලය සිදුවී ඇති බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතා ‘දිවයින’ට පැවසීය.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment