හෙළිකොප්ටරය හැදූ පක්‍ෂවල ප්‍රතිපත්තීන් පරස්පරයි – ඇමැති මහින්ද අමරවීර

75

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනිකුත් දේශපාලන පක්‍ෂ එක්ව ගොඩනඟන ලද නිදහස් ජනතා සන්ධානයේ (හෙළිකොප්ටරය) පක්ෂවල ප්‍රතිපත්තීන් එකකට එකක් පරස්පර බව කෘෂිකර්ම හා වන සංරක්‍ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. සිය සන්ධානය එළිදක්වද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද, ඩලස් අලහප්පෙරුම මහතාගේ පාර්ශ්වයෙන් වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මහතාද වෙනමම ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවත්, මේ

තුන්ගොල්ලගේම ඇත්තේ ගැළපෙන්නැති යෝජනා බවද අමරවීර මහතා ඊයේ (13 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.

මෙම පාර්ශ්ව තුනම ආර්ථික ප්‍රශ්නය, ජනවාර්ගික ප්‍රශ්නය රටේ වත්මන් අර්බුදය විසඳීමට එක් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුව තිබුණු බවද අමරවීර මහතා සදහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment