77 එකටම මැති සබයට ආ මිතුරා බලන්න ජනපති ගිහින්

135

දැනට රෝගාතුරව සිටින හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11 දා) පෙරවරුවේ කුරුණෑගල කටුගම්පොල පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාත් පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ 1977 වසරේදීය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා බියගම ආසනය ද ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කටුගම්පොල ආසනය ද ජය ලැබූහ.

සිය සමකාලීන දේශපාලන මිතුරාගේ සුවදුක් විමසූ ජනාධිපතිවරයා පවුලේ ඥාතීන්ගේ ද තොරතුරු විමසමින් ප්‍රදේශයේ ජනතාව සමග සුහද පිළිසඳරකට එක්විය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත් වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අසංග ජයවික්‍රම යන මහත්වරුන් ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment