Lumala සමාගම, Eco Hauler e-bike සමඟින් කසළ කළමනාකරණයේ විප්ලවීය වෙනසකට මුලපුරයි

23

City Cycle Industries Manufacturing හෙවත් Lumala සමාගම යනු දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පාපැදි නිෂ්පාදන කර්මාන්තය තුළ පරිසර හිතකාමී නවෝත්පාදනය සඳහා පෙරමුණ ගත් ආයතනයකි. ත්‍රාසජනක අත්දැකීම් වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන මවුන්ටන් පාපැදිවල සිට එදිනෙදා නාගරික පරිහරණයට යොදාගන්නා පාපැදි දක්වා, Lumala නිෂ්පාදන මගින් පිළිබිඹු වන්නේ තිරසරභාවය වෙනුවෙන් සමාගම සතු අඛණ්ඩ කැපවීමයි.

පාරිසරික සෞඛ්‍ය ඉහළ නංවමින් ශ්‍රී ලාංකිකයින් තුළ සක්‍රීය ජීවන රටාවක් ඇතිකිරීම Lumala සමාගමේ අරමුණ යි. එමෙන්ම සිය නවෝත්පාදන ක්‍රියාවලිය ඉදිරියටම ගෙනයමින් පරිසර හිඅතකාමී ප්‍රවාහන විසඳුම් හඳුන්වාදෙමින් ගෝලීය තිරසරභාවයටද සමාගම දායක වෙයි. මේ හරහා සුහුරු ප්‍රවාහන මාධ්‍යයන්හි නායකත්වය ගැනීමට මෙන්ම පරිසර ආරක්ෂණයට කැපවීමටද Lumala සමාගමට හැකිවී තිබේ.

මෙම නවෝත්පාදන සහ පරිසර හිතකාමී ගමන්මඟෙහි තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබමින් Eco Hauler කසළ කළමනාකරණ විද්‍යුත් පාපැදිය හඳුන්වාදීමට Lumala සමාගම පසුගියදා කටයුතු කළේය. දෛනිකව කසළ මෙට්‍රික් ටොන් 938ක් පමණ ජනනය වුවද ඉන් ප්‍රතිචක්‍රීයකරණයට ලක්වන්නේ සියයට 4ක තරම් ඉතා සුළු ප්‍රමාණයකි. කසළ කළමනාකරණයේ මෙම දැඩි අවශ්‍යතාව සැළකිල්ලට ගෙන USAID Clean Cities සහ Blue Ocean (CCBO) වැඩසටහන සමඟ එක්ව දියත්කළ Eco Hauler විද්‍යුත් පාපැදි ව්‍යාපෘතිය හරහා සමුද්‍ර පරිසර දූෂණය මැඬපැවැත්වීම, දේශගුණික විපර්යාස අවමකිරීම මෙන්ම නාගරික සහ වෙරළාසන්න ප්‍රදේශවල ද ගංගා ඉවුරු ආශ්‍රිතව ද කසළ කළමනාකරණයේ කාර්යක්ෂමතාව නැංවීම අරමුණයි.

advertistmentadvertistment
advertistmentadvertistment