ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්‍රාප්ත වෙයි

170

ප්‍රවීණ සංගීතවේදියකු වූ ආනන්ද ගමගේ මහතා ඊයේ (01 දා) අභාවප්‍රාප්ත විය. ‘අඹ යහළුවෝ, ගැහැනු ළමයි’ ටෙලි නාට්‍ය ඇතුළු නිර්මාණ රැසකට තම විශිෂ්ට ප්‍රතිභාව මුසු කළ ගමගේ මහතා මියයන විට 73 වැනි වියේ පසුවිය. හෙතෙම කටු අකුලේ… පහන තියා… ඇතුළු ගීත රැසක් හෙළ ගීත ක්‍ෂේත්‍රයට දායාද කළේය. ප්‍රවීණා අනුරංගි, සසංකා උත්පලනි, පුන්සිසි අමායා දියණිවරුන්ගේ පියාණන් වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment