රට අදුරු වන දවස අත ළඟ

291

කුඩා ජෙනරේටරයක්, භූමිතෙල් ලිපක් ගෙදර තියා ගන්න – ලංකා විදුලි සේවක සංගමය

රට අදුරට පත්වන දිනය නුදුරේම සිදුවන නිසා කුඩා ජෙනරේටරයක්, භූමිතෙල් ළිපක් වැනි දෙයක් නිවසක  තබාගැනීම මහජනතාවට වඩා සුබදායක යැයි ලංකා විදුලි සේවක සංගමයේ සභාපති රංජන් ජයලාල් මහතා ඊයේ (09දා) පැවැසීය.

විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් කළේ සේවකයන් නොව ඒවා පාලනය කළ සහ කරන මැතිඇමැතිවරුන් සහ පාලනාධිකාරිය බවද ඒ මහතා කීය.

රටේ ජනතාව බහුතරය විදුලි බිල්පත් ගෙවන බවත්, විදුලි සේවකයන් වැඩ නොකර සිටීම නිසා ගමක් අ`දුරේ යන්න කෙදිනකවත් වාර්තා වී නැතැයිද ඔහු කීය. මේ ආකාරයෙන් ජනතාව ඉන්ධන ලබාගැනීමේදී ණයට ලබාගෙන ඇති බවට වාර්තා නොවන බවද ඔහු කීය.

මේ වනවිට රටේ ඇතිවී තිබෙන විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කිරීම නිසා තමාගේ සේවය අත්හිටුවන ලෙස බලධාරීන් දැනුම්දී ඇති බවත් එසේ කර හෝ ජනතාවට විදුලි ලබාදිය හැකිද යන්න බලධාරීන්ගෙන් තමා විමසන බවත් ඔහු කීය.

තමාට තේරෙන විදියට මේ යන්නේ තෙල් ටැංකි ටික ඉන්දියාවට ලබාදී ටැංකි ඉන්ධනවලින් පුරවා අඛණ්ඩව ජනතාවට විදුලි ලබාදීමට අවශ්‍ය නිසා ටැංකි ටික ලබාදුන් බවට ප‍්‍රකාශ කිරීමටද යන්න සැකයක් මතුවී ඇතැයිද ඔහු කීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment