අංගොඩ රෝහලේ සේවකයන් රෝගීන් වෙනුවෙන් උපරිම සේවාවක් ඉටු කරනවා

175

අත්අඩංගුවට ගත් සේවකයෝ ගැන රෝහලෙනුත් විමර්ශනයක්
රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ

මානසික රෝගියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රෝහල් සේවකයන් පිළිබඳව රෝහලින් වෙනම විමර්ශනයක් පැවැත්වෙනවා. මේ සේවකයන් රෝහලේ හොඳින් වැඩකරපු අය යැයි අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය ‘දිවයින’ට ඊයේ (30 දා) පැවසුවාය.

තම රෝහලේ සේවකයන් පැය 24 පුරා මානසික රෝගීන් වෙනුවෙන් උපරිමයෙන් කැපවන බව කියා සිටි අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය මෙසේ ද පැවසුවාය.

මෙම රෝගියාගේ මරණය සම්බන්ධයෙන් පොලිසියෙන් විමර්ශනයක් සිදුකෙරෙන නිසා මම වැඩි දෙයක් කතා කරන්නේ නැහැ. නමුත් මේ රෝහලේ රෝගීන්ට අකාරුණික විදිහට සලකනවා කියලා විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කරනවා. ඒක අසත්‍යයක්. රෝහලට ඇවිත් බලලා ඇත්ත වාර්තා කරන්න.

මෙතැන මානසික රෝගීන් සමග සේවකයන් බොහොම මානුෂීයවයි කටයුතු කරන්නේ. රෝහලේ සේවක හිඟයකුත් තියෙද්දි ඉන්න ප්‍රමාණය උපරිම කැපකිරීමක් කරනවා. සමහර රෝගීන්ගේ ඥාතීන් පැත්ත පළාතේ එන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තියෙද්දී මේ සේවකයෝ පුදුම මහන්සියක් ගන්නේ රෝගීන්ට සත්කාර කරන්න. මේ අයට කවනවා, පොවනවා, නාවනවා, රැකබලා ගන්නවා. මාධ්‍ය රෝහලට එන්න මේවා දකින්න.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment