අද උදෙන්ම වෙඩි තැබීම් දෙකක්

616

අද උදෑසන කුලියාපිටිය සහ තලංගම යන ප්‍රදේශවල දී වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කුරුඳුකුඹුර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඇත.තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.තලංගම බටපොත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment