අද සවස සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

86

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 11,12,13,14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.අද පස්වරු 5 සිට හෙට (25) උදෑසන 9 දක්වා පැය 16ක කාලයක් එම ප්‍රදේශවලට ජලය සැපයීම මෙලෙස අත්හිටුවීමට නියමිතය.අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment