අනුරපුර සංවර්ධන නිලධාරිනියගේ සැමියා පැහැරගෙන

223

අනුරාධපුර නගරාසන්නයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවයේ නිරත සංවර්ධන නිලධාරිනියකගේ සැමියාට පහරදී ත්‍රිරෝද රථයකින් ඔහු පැහැරගෙන ගිය පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා (11 දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අනුරාධපුර දේවානම්පියතිස්ස පුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

තම පියාට පහර දී පිරිසක් රැගෙන යන ආකාරය දුටු තම 13 හැවිරිදි පුත්‍රයා විසින් අසල්වැසි කාන්තාවකගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඇමතුමකට නිවසට පැමිණ සොයා බලා අදාළ සංවර්ධන නිලධාරිනිය මෙම පැමිණිල්ල සිදුකර ඇති බව පොලිසිය කියයි’

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් ඊයේ (12 දා) දහවල් වනවිටත් එම පුද්ගලයා හමු නොවූ බවද පොලිසිය සඳහන් කළේය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment