අයිඑම්එෆ් ශ්‍රී ලංකාවට ජගත් සහාය ඉල්ලයි!

103

ශ්‍රී ලංකාව මුහුණපා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට සැමගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසන්නේ විදේශ ණය සහන ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති බවත් පවතින තත්ත්වයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි වසර 04 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 03ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බවත්ය.

කාලයක් තිස්සේ පැවති ආර්ථික ගැටලු සහ වැරදි ප්‍රතිපත්තිමය තීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ බව පීටර් බෲවර් මහතා පෙන්වා දෙයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment