අලුත් අවුරුදු කොවිඩ් පොකුර දැන් මතුවේ

178

මේවන විට දෛනිකව වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ඔවුන් සියලුදෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සඳහන් වේ.

දින 20කට පසුව මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පෙරේදා දිනයේ 600 සීමාව ඉක්මවා ගිය අතර ඊයේ දිනයේත් නව ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 544,630 ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිතයින් 514,912 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 15,877 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර පෙරේදා දිනයේත් කොවිඩ් ආසාදිත මරණ 20 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 13,841 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment