ආණ්ඩුව 5 ට කැඩෙයි: 2/3 හැලෙයි: පොහොට්ටුවේ 42 ක් ස්වාධීන වෙති!

770

ජනගඟ පාර්ලිමේන්තුව වටලයි
සමහරු පස්ස දොරෙන් පැනයති
ඉදිරිපෙළ අසුන්ගත් බැසිල්ට විපක්‍ෂයේ විරෝධය

රටේ මේ වන විට ආණ්ඩුවට එරෙහිව ඇතිවී ඇති සමාජ කැළඹිල්ල අනුව ආණ්ඩු පක්‍ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ (5 දා) පාර්ශ්ව පහකට බෙදී වෙන්විය.

ඒ මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා සමග මන්තී‍්‍රවරුන් 10 දෙනකු, විමල් වීරවංශ මහතා ඇතුළුව 16 දෙනකු, ශී‍්‍රලනිපය ලෙස මෛති‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු 14 දෙනකු, කම්කරු කොංග‍්‍රසයේ ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු දෙදෙනකු ලෙස ද ඉතිරි මන්තී‍්‍රවරුන් රාජපක්ෂ පාලනය සමග වශයෙන් ද එම පාර්ශ්ව 5 පාර්ලිමේන්තුවේදී ප‍්‍රදර්ශනය විය.

කෙසේ වෙතත් මෙහිදී අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගෙන් අරුන්දික ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයාද, විමල් වීරවංශ මහතාගෙන් ගයාෂාන් නවනන්දන මන්තී‍්‍රවරයාද තමන්ගේ මතය ඉදිරියේදී ප‍්‍රකාශ කරන බව ප‍්‍රකාශ කළහ.

ආණ්ඩුව 5 ට කැඩෙයි: 2/3 හැලෙයි: පොහොට්ටුවේ 42 ක් ස්වාධීන වෙති!

ඊට අමතරව මෙහිදී ආණ්ඩු පක්‍ෂයේ සිටි විජයදාස රාජපක්‍ෂ මහතා තමන් ද ස්වාධීන ලෙස කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය. ඒ අනුව ආණ්ඩු පක්‍ෂයේ එම පාර්ශ්ව පහේම ස්වාධීන වන බවට ප‍්‍රකාශ කළ මන්තී‍්‍රවරුන්ගේ එකතුව 42 ක් බවට පත්විය.

දැනට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ආණ්ඩුවේ බහුතර බලය අහිමිවන බවට පාර්ශ්ව ගණනාවක්ම කලින් සිටම ප‍්‍රකාශ කළ අතර මෙතෙක් ආණ්ඩුවට හිමිව තිබූ වැඩිම ආසන ප‍්‍රමාණය වූ 156 න් පැහැදිලි ලෙසම ඊයේ දින 42 ක් අහිමි වූ බව ප‍්‍රදර්ශනය විය.

ඒ අනුව පත්කළ ආණ්ඩුවට114 ක් ගණිතමය වශයෙන් ඉතිරි විය.

ඊයේ අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා සමග ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න, සුදර්ශිනී ප‍්‍රනාන්දු පුල්ලේ, චන්දීම වීරක්කොඩි, නිමල් ලංසා, පියංකර ජයරත්න, රොෂාන් රණසිංහ, නලින් ප‍්‍රනාන්දු, සුසිල් පේ‍්‍රමජයන්ත, ජයරත්න හේරත් යන මන්තී‍්‍රවරු ස්වාධීන වූහ.

ආණ්ඩුව 5 ට කැඩෙයි: 2/3 හැලෙයි: පොහොට්ටුවේ 42 ක් ස්වාධීන වෙති!

එමෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ටිරාන් අලස්, අතුරලිය රතන හිමි, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, ඒ. එල්. එම්. අතාවුල්ලා, ජයන්ත සමරවීර, උද්දික පේ‍්‍රමරත්න යන මන්තී‍්‍රවරුන්ද ස්වාධීන වූ මන්තී‍්‍ර පාර්ශ්වයකි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මෛති‍්‍රපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ශාන්ත බණ්ඩාර, චාමර සම්පත්, අංගජන් රාමනාදන්, සුරේන් ජයසම්පත්, ජගත් පුෂ්පකුමාර, ශාන් විජයලාල්, දුෂ්මන්ත මිත‍්‍රපාල යන මන්තී‍්‍රවරු ස්වාධීන වූ අය අතර වෙති.

ඊට අමතරව ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජීවන් තොණ්ඩමන්, එම්. රමේෂ්වරන් යන මන්තී‍්‍රවරු ද ස්වාධීන වූහ.

ආණ්ඩු පක්‍ෂයේ ඇතිවූ මෙම බෙදිල්ල හේතුවෙන් ඊයේ දිනට නියමිත වූ සෞඛ්‍ය රෙගුලාසි හෝ කී‍්‍රඩා පනත යටතේ නියෝග කිසිවක් විවාදයට නොගැනුණි. පෙරවරු 10 ට ආරම්භ වූ පාර්ලිමේන්තුව පස්වරු 2.10 ට පමණ අවසන් විය.

මන්තී‍්‍රවරුන් ඊයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සිය පෞද්ගලික අදහස් ඉදිරිපත් කරද්දී විටෙක උණුසුම් ස්වභාවයක් ගනු ලැබිණි. අගමැති මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ යන රාජපක්‍ෂවරුන් පාර්ලිමේන්තුවට ඊයේ දිනයේදී පැමිණිය ද ඔවුන්ගෙන් අදහස් දැක්වීමට ඉදිරිපත් වූයේ නාමල් රාජපක්‍ෂ මහතා පමණි.

හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සභාවට පැමිණ මුල් පෙළක අසුන් ගන්නා විට විපක්‍ෂයෙන් ඊට විරෝධය එල්ලවූ අතර ජයන්ත කැටගොඩ සහ සනත් නිශාන්ත යන මන්තී‍්‍රවරු බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් විපක්‍ෂය සමග වචන හුවමාරුවක නිරතවූ අයුරු පෙනිණි.

පිංතූර – ජූඞ් ඩෙන්සිල් පතිරාජ, තුෂාර අතපත්තු
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment