ආශු මාරසිංහගෙන් කප්පම් ඉල්ලූ ආදර්ශනීට ඇප

270

අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර මහාචාර්ය ආශු මාරසිංහ මහතාගෙන් රුපියල් මිලියන 100 ක කප්පමක් ඉල්ලා සිටීම හා අසභ්‍ය දර්ශන ප්‍රකාශන සංශෝධන පනත යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ කළ ආදර්ශනී කරඳන මහත්මිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (12) නියෝග කළේය.

මුල් පැමිණිලිකරු වන ආශු මාරසිංහ සැකකාරියට වඩා ඉතා බලවත් පුද්ගලයකු වන බැවින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් ඇයට නොමැති බව පෙනී යන්නේ යැයි පෙන්වා දෙමින් ප්‍රධාන මහෙස්ත්‍රත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

පැමිණිල්ල ලද සැණින් වහාම ක්‍රියාත්මක වී ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කර ඇති බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

සැකකාරිය වෙනුවෙන් නීතිඥ ආර්. ඒ. පී. රණවක, ලක්මාල් රාජපක්ෂ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා පෙනී සිටි අතර නීතිඥ හෆිල් පාරිස් මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment