ඇත්ත කියන්න ගීතයට ඉහළ ප‍්‍රතිචාර

136

මේ දිනවල යූටියුබ් හරහා ජනප‍්‍රිය වූ මියුසික් වීඩියෝ අතර කසුන් සංජයගේ ගායනයෙන් හැඩවන ‘‘ඇත්ත කියන්න’’ ගීතයට ඉහළ රසික ප‍්‍රතිචාර හිමි වුණා. දැනට විදේශගතව රැකියාවත් සමඟ කාර්යබහුල වුණත් ගායනයෙන් හා සංගීතයෙන් දුරස් වීමට කාර්යබහුලත්වය හේතුවක් කර නොගත් කසුන් මීට පෙරත් ගීත කිහිපයක් කර තිබුණා. නමුත් ඇත්ත කියන්න ගීතය යූටියුබ්වල trending 2 වෙමින් ජනප‍්‍රියම ගීතයක් බවට පත් වුණා.

”මම රට ඇවිත් අවුරුදු හතරක වගේ කාලයක් ගතවෙලා. මේ කාලය ඇතුළත ගීත 5ක් වගේ කරලා තියෙනවා නේනා, නුරා හැඟුම්, බොළඳ ආදරී, පාරාවී ඒ අතරින් කිහිපයක්. රැකියාවත් එක්ක කාර්යබහුල වුණත් අපිට අපේ කැමති දේවල් අමතක කරන්න බෑ. මම පොඩි කාලේ ඉඳලම සංගීතයට ගොඩක් ළැදි කෙනෙක්. ඒ නිසා මට ලැබෙන පොඩි වෙලාව හරි මගේ කැමැත්ත වෙනුවෙන් වෙන් කරනවා කසුන් සිය සංගීත ජීවිතය ගැන අදහස් ඉදිරිපත් කළා. ඇත්ත කියන්න ගීතය හර්ෂණ කේ. පෙරේරාගේ පද රචනයක්. අධ්‍යක්ෂණය කසුන් සංජය විසින් කර ඇති අතර සංගීතය ප‍්‍රගීත් පෙරේරාගේ රණවිරු තරුණයකුට ඔහුගේ පෙම්වතිය අහිමි වීම පදනම් කර ගනිමින් මෙහි රූප රචනය සිදු කර ඇත. සචින් ලියනගේ, සංජානා ඔනලි, දමිත් සාවින්ද්‍ය රංගනයෙන් හැඩවන මෙම නිර්මාණය දෙසවන ප‍්‍රඩක්ෂන් ඉදිරිපත් කිරීමකි.

 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment