ඇමතුමට පෙම්වතා නොපැමිණි සිත්තැවුලෙන් පෙම්වතිය දුම්රියට බිලිවෙයි

863

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 20 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටී තරුණියක් උදෑසන කාලයේදී ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පැවසීය. මෙසේ දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වී ඇත්තේ තලවකැලේ, ඩයගම ප්‍රදේශයේ පදිංචි කනපති අනුෂා දර්ශනි නැමැති (28) හැවිරිදි තරුණියයි.

මිය ගිය තරුණිය හැටන් නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කරන බවත්, වසර පහක කාලයක් හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එදින උදෑසන සේවා ස්ථානය වෙත පැමිණි තරුණිය තමන් හමුවීමට පෙම්වතාට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දී ඇති බවත්, පෙම්වතා විසින් එය ප්‍රතික්ෂේප කිරීම නිසා එයට උරණ වූ පෙම්වතිය දුම්රියට පැන සිය දිවි හානි කර ගන්නා බවට පවසා, බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියට හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී පැන සිය දිවි හානි කරගෙන ඇති බවට හැටන් පොලිසිය විසින් කරන ලද මූලික විමර්ෂණයේදී අනාවරණය වී ඇත. දුම්රියට පැන සිය දිවි හානි කරගත් තරුණියගේ සිරුර පෙම්වතා විසින් හඳුනාගෙන ඇති අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව හැටන් පොලිසිය කියා සිටියේය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment