උතුරු මුහුදට බලපත් යෝජනාව තමිල්නාඩු ධීවර ඇමැතිගේ

84

තමිල්නාඩු ධීවර බෝට්ටුවලට ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයට ඇතුළු වී ධීවර කටයුතුවල යෙදීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ යාපනයට පැමිණි තමිල්නාඩු ධීවර අමාත්‍ය එල්. මුරුගන් විසින් බව හෙළිවී ඇත.

ඔහු ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කර නැති අතර මේ යෝජනාව ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු සංචාරයේදී ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කරන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

එහෙත් මේ බලපත්‍ර ලබාදීමේ යෝජනාවට උතුරු ධීවර සම්මේලනය සහ කයිට්ස් ධීවර සංගමය දැඩි විරෝධය දක්වා ඇත.

තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළුවීමට බලපත්‍ර ලබා දුන්නොත් තමිල්නාඩු ධීවර බෝට්ටු 3000 කට අධික සංඛ්‍යාවක් උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ලකන බව උතුරේ ආරංචි මාර්ග පවසයි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment