එන්නතක් දුන් පසු රාගම රෝහලේදී තරුණියක මියයෑම ගැන ඇමැති වාර්තාවක් කැඳවයි

135

එන්නතක් ලබාදීමෙන් පසු රාගම රෝහලේදී තරුණියක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පසුගියදා එලෙස මියගොස් තිබුණේ ජාඇල උතුර පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියකි.

එන්නතක් ලබා දීමෙන් අනතුරුව පේරාදෙණිය රෝහලේදී ද පසුගියදා දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේ ඊට අදාළ පළමු වාර්තාව තමන් වෙත ලැබී ඇති බවයි.

ඒ අනුව රාගම ශික්ෂණ රෝහලේ සිදුවීම සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබා ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයා පියවර ගෙන ඇත.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment