සමෘද්ධි බැංකුවේ අශෝභන වැඩ බුකිය කලඹයි

1158

අකුරැස්ස ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවක තැන්පත් කළ මුදල් ලබා ගැනීමට ගිය දුප්පත් සමෘද්ධිලාභී මවකට ඉතාමත් අශීලාචාර ලෙස බැණ වදින ආකාරය මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් ඇත.

සමෘද්ධි බැංකුවේ තැන්පත් කර ඇති මුදල් ලබා ගැනීමට ගිය කිහිපදෙනකුම බැංකු නිලධාරිනියක ප්‍රමුඛ නිලධාරීන් කිහිප දෙනකුගේ අශෝභන හැසිරීම් හමුවේ අසරණ තත්ත්වයට පත්වන අයුරු ද එම සමාජ මාධ්‍ය දර්ශනවල දැක්වෙයි.

මවක සිය දරුවාට බෙහෙත් ගැනීම සඳහා තමන්ට අයත් ගිණුමේ ඇති රුපියල් 61,000 ක මුදලින් යම් මුදලක් ඉල්ලා සිටියත් නිලධාරීන් එය ලබා නොදෙන අතර තමන්ගේ අසීරු තත්ත්වය පැවසීමෙන් පසු රුපියල් 5,000 ක් ලබා දීමට කටයුතු කළ බව එම මව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

මෙවැනි සිදුවීම් නිසා සමෘද්ධිලාභීන් මහත් අසරණභාවයට පත්වන බවත්, මේ ගැන බලධාරීන් වහා අවධානය යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment