එස්.එම් ලා 512 ක් හිඟයි: – රේල් පීලි දිරලා දුම්රිය අමතර කොටසුත් නෑ

169

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති

දුම්රිය දෙපාර්තමේන්තු වේ ස්ථානාධිපතිවරුන් 1429 ක් සේවයේ සිටිය යුතු නමුත් දැනට සිටින්නේ 917 ක් පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් 512 දෙනකුගේ හිඟයක් පවතින බවත් එසේම දුම්රිය සේවාවේ ගැටලු රැසක් මේ වනවිට මතුවී ඇති බවත් හෙතෙම කීය.

දුම්රියවලට අවශ්‍ය අමතර කොටස් හිඟය, ලිහිසි තෙල් හිඟය මේ වනවිට දැඩිව බලපා ඇති බවද මේ හේතුවෙන් දිනපතා දුම්රිය ගමන්වාර 20ක් 25ක් අවලංගු කිරීමට සිදුවන බවද ඒ මහතා කියා සිටියේය.

දුම්රිය පීලි පැනීම් රැසක් සිදුව ඇති බවත් එයට හේතුව දුම්රිය රේල් පීලි දිරාපත්වීම බවත් පැවසූ ඒ මහතා දුම්රිය ස්ථානවල ඇති වැසිකිලි පවිත්‍ර කිරීමට පවා අවශ්‍ය දෑ නොලැබෙන බවද කියා සිටියේය. මෙම ගැටලු සාකච්ඡා කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් දිනයක්, වේලාවක් ඉල්ලා ඇතත් මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාර ලැබී නොමැති බවද සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment